ජපානයේ වඩාත් සක්‍රීය ගිනිකන්දක් ලෙස ප්‍රචලිත සකුරාජිමා ගිනිකන්ද පසුගිය වසර 30ක කාලයේ සිදුවන දැවැන්තම විදාරණයට සැරසෙන බව විදෙස් වාර්තා පවසයි.
ජපානයෙ ක්යුෂු දූපතේ පිහිටි මෙම ගිනිකන්ද අනාගතයේදී වර්ධනය වන අවදානමක් බව බ්‍රිස්ටල් විශ්වවිද්‍යාල පර්යේෂකයන් පිරිසක් පවසති.
සෙන්ඩානි න්‍යෂ්ටික බලාගාරයේ සිට කිලෝමීටර් 49ක් ඔබ්බෙන් පිහිටි ගිනිකන්ද පුද්ගලයන් ලක්ෂ 6ක පමණ ජීවත් වන සෙන්ඩායි නගරයට ඉතා ආසන්නයේ පවතී.
සකුරාජිමා ගිනිකන්ද අවසන් වරට මාරාන්තික විදාරණයට ඇති කර තිබුණේ වර්ෂ 1914 දීය. එම පිපිරීමෙන් පුද්ගලයන් 58 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.