2017 වසර වනවිට යුරෝපය වෙත මිලියන තුනක සංක්රමණික පිරිසක් පැමිණෙනු ඇති බව යුරෝපා කොමිසම අවධාරණය කරයි.
යුරෝපා සංවිධානයේ විධායක කමිටුව ලෙස සැලකෙන මෙම කොමිසම පවසන්නේ මෙසේ රට තුළට ඇතුළු වන පිරිස යුරෝපා සංගමයට අයත් රටවල ආර්ථියකට යහපතක් සිදුකරනු ඇති බවයි. ඔවුන්ගේ දත්තයන්ට අනුව යුරෝපා සංගමයේ දළ දේශීය නිෂ්පාදිතය 0.2 - 0.3% අතර ප්රමාණයකින් ඉහළ යෑමට මෙය හේතු විය හැකිය.
එමෙන්ම, මෙම ජන ගැලීම හේතුවෙන් යුරෝපා සංගමයට අයත් රටවල ජනගහනයද 0.4%කින් ඉහළ යනු ඇති බවට කොමිසම පුරෝකථනය කරයි.
මේ අතර, ප්රධාන වශයෙන් සිරියාවේ සිට යුරෝපය වෙත පැමිණෙන සංක්රමණිකන්ගේ අඩුවීමක් දක්නට නොලැබෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.