නව අවුරුදු උදාව සිදුවූ දා ජර්මනියේ කොලෝන් නගරයේදී කාන්තාවන්ට අඩන්තේට්ටම් කරමින්, ඔවුන් ලිංගික හිංසනයන්ට බඳුන්කළ සැකකරුවන් අතර මෑතකදී ජර්මනියට ඇතුළු වූ සංක්‍රමණිකයන්ද සිටීම හේතුවෙන් සංක්‍රමණිකයන් වෙත ජර්මානු දොරටු විවෘත කිරීම සම්බන්ධයෙන් බලවත් විරෝධයක් ඇති වෙමින් පවතී.
ඒ අනුව, සංක්‍රමණික දොරටු විවෘත කිරීමට එරෙහිව ජර්මානු අන්ත දක්ෂිණාංශිකයන් විසින් දැවැන්ත විරෝධතා රැලියක් සංවිධානය කර තිබුණු අතර, මෙම රැලිය පාලනය කිරීම සඳහා කැරලි මර්ධන හමුදා යොදවමින්, ජල ප්‍රහාර පවා එල්ල කිරීමට එරට බලධාරීන්ට සිදුවිය.
2015 වසරේදී ජර්මනිය වෙත මිලියන 1.1 ක සංක්‍රමණික පිරිසක් ඇතුළු වී ඇති අතර, නව අවුරුදු උදාව සිදුවූ අලුයම් කාලයේදී කොලෝන් නගරයේ මහමග ගමන්කළ කාන්තාවන් ඇඟට ගිනිකෙළි දමමින්, ඔවුන්ට බරපතල ලිංගික අඩම්තේට්ටම් පවා සිදුකර තිබුණි.
සංක්‍රමණිකයන් සම්බන්ධයෙන් වඩාත් නම්‍යශීලී ප්රතිපත්තියක පසුවූ ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මාර්කෙල් මෙම ප්‍රහාරය හා ඊට එරෙහිව පැවති දැවැන්ත විරෝධතා හමුවේ අඩියක් පසුපසට ගනිමින් සංක්‍රමණික නීති දැඩි කරමින්, එරටට ඇතුළු වන සංක්‍රමණිකයන් ප්‍රමාණය අඩු කිරීමටත්, එම ප්‍රහාරයේ වැරදිකරුවන්ට දැඩි දඬුවම් පැමිණවීමටත් පොරොන්දු වී තිබේ.