වොෂිංටන් නුවර පිහිටි පලස්තීන නිදහස් සංවිධාන කාර්යාලය වසා දැමීමට ඇමෙරිකාව තීරණය කිරීම හේතුවෙන් ඇමෙරිකාව සමග පවතින සියලු සබඳතා අත්හරින බවට එම සංවිධානය අනතුරු අඟවයි.
ට්විටර් සමාජජාලය හරහා වීඩියෝ පණිවුඩයක් නිකුත් කරමින් එහි මහ ලේකම් සයීබ් එරෙකාත් පවසන්නේ මෙම තීරණය කිසිසේත්ම පිළිගත නොහැකි තීරණයක් බවයි.
ඇමෙරිකානු බලධාරීන් පවසන්නේ එම සංවිධානයට තවදුරටත් ඇමෙරිකාව තුළ කාර්යාලයක් පවත්වාගෙන යෑම සඳහා අවශ්‍ය නීතිමය තත්ත්වයන් ඔවුන් උල්ලංඝනය කර ඇති බවයි.
ඊශ්‍රායලය සම්බන්ධයෙන් ජාත්‍යන්තර අපරාධ අධිකරණය තුළ පරීක්ෂණයක් පැවැත්විය යුතු බවට පලස්තීනය නිරන්තරයෙන් දැඩි බලපෑමක් නොකළ යුතු බව ඇමෙරිකානු බලධාරීන් පවසයි.
වර්ෂ 1994 දී වොෂිංටනයේදී පිහිටවනු ලැබූ පලස්තීන නිදහස් සංවිධානය සියලු පලස්තීන ජාතිකයන් නියෝජනය කරන සංවිධානයක් ලෙස ජාත්‍යන්තර ප්‍රජාව සලකනු ලබයි.
කෙසේ වෙතත්, එම සංවිධානයේ කාර්යාලය සඳහා වූ මාස හයක බලපත්‍රය දීර්ඝ කිරීමට ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව අකැමැත්ත ප්‍රකාශ කළ ප්‍රථම අවස්ථාව මෙය බව විදෙස් වාර්තා පවසයි.
පලස්තීන නායකයන් කිහිප දෙනෙකු ජාත්‍යන්තර අපරාධ අධිකරණය සම්බන්ධයෙන් සිදුකර ඇති ප්‍රකාශ මෙම කාර්යාලයේ බලපත්‍ර කාලය දීර්ඝ නොකිරීම පසුපස ඇති හේතුව බව රාජ්‍ය දෙපාර්තමේන්තුව ප්‍රකාශකයෙකු පවසා තිබේ.