ප්‍රංශය තුළ වෛශ්‍යා වෘත්තියේ යමෙකු යොදවමින්, ලිංගික සේවනය සඳහා මුදල් ගෙවීම නීති විරෝධී ක්‍රියාවක් ලෙස එරට පාර්ලිමේන්තුව නව නීතියක් සම්මත කර තිබේ.
මෙම නීතිය සම්මත වීමත් සමග යම් අයෙකු ලිංගික ශ්‍රමිකයෙකුට මුදල් ගෙවූ බව තහවුරු වුවහොත් මුල් අවස්ථාවේදී ඇ.ඩො.1,700ක දඩයකට යටත් වීමට සිදුවනු ඇත.
එරට තුළ මේ වනවිට 30,000කට අධික වෛශ්‍යා වෘත්තියේ යෙදෙන්නන් සිටින බවත්, ඔවුන්ගෙන් වැඩි පිරිස විදෙස් ශ්‍රමියකන් බවත්, මෙම නව නීතිය මගින් ඔවුන්ට දැඩි බලපෑමක් ඇති කරන බවටත් චෝදනා නැගෙයි.
යමෙකුගේ ශරීරය මුදල් ගෙවා මිලදී ගැනීම සාමාන්‍ය දෙයක් යැයි ප්‍රංශය තුළ මුල් බැසගත් සංකල්පය වෙනස් විය යුතු බව මෙම නීතිය පාර්ලිමේන්තුවට ගෙනා පිරිස කියති.