ඇමෙරිකාවේ ඇලබාමා ප්‍රදේශයේ වෛද්‍ය සේවා සපයන හෙලිකොප්ටරයක් අනතුරට පත්වීමෙන් එහි සිටි සියලු දෙනා ජීවිතක්ෂයට පත්ව තිබේ.
වනාන්තර ප්‍රදේශයකදී රෝගියෙකු ගුවනට ඇද ගනිමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති අතර, යානයේ නියමුවන්, කාර්ය මණ්ඩලය හා රෝගියා ඇතුළු සිවු දෙනෙක් මෙම අනතුරින් ජීවිතක්ෂයට පත්වූහ.
එම වනාන්තර ප්‍රදේශයේ මෝටර් රථ අනතුරකට පත්ව සිටි මෙම පුද්ගලයා බේරාගෙන ඔහු වහාම රෝහල් ගත කිරීමට කටයුතු කරමින් සිටියදී මෙම ගුවන් අනතුර සිදුව තිබේ.
මිය ගිය අය අතර, යානයේ නියමුවා, යානයේ හෙදියා, වෛද්‍ය සහායක සහ මෝටර් රථ අනතුරට මුහුණදුන් රෝගියාද වෙති.