වෙනුසියුලාවේ විරුද්ධ පක්ෂ නායක හා රජයට එරෙහි දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයට නායකත්වය දුන් ලියෝපෝල්ඩෝ ලෝපේස් එරට ජාතික ආරක්ෂක ඒකකයට භාරවූ බව වාර්තා වෙයි.
වෙනිසියුලාවේ අගනුවර වන කරකාස් නුවරදී පැවැත්වුණු රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ මාලාව අතරතුරදී ඔහු මෙසේ ජාතික ආරක්ෂක ඒකකයට භාරවී තිබේ.
ප්‍රචණ්ඩත්වයට අනුබල දුන් බවට ලෝපේස්ට එරෙහිව චෝදනා එල්ල වී තිබූ අතර, ආරක්ෂක අංශ වෙත භාරවීමට පෙර ඔහු විසින් සියලු රාජ්‍ය විරෝධී රැළි සංවිධානය කළ බව බලධාරීහු කීහ.
කෙසේ වෙතත් මේ වනවිට ඇතිවී තිබෙන උද්ඝෝෂණ රැල්ල සමග ආරක්ෂක අංශ සමග ඇතිවූ ගැටුම් හේතුවෙන් ජීවිත හානි තුනක් සිදුව තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බවද කියැවෙයි.