වෙනිසියුලාවේ, වයඹදිග වැලන්සියා නගරයේ හමුදා කඳවුරක් වෙත සිදුවූ පහරදීමකින් පසුව ආයුද සමග පැනගිය පුද්ගලයන් 10 දෙනෙකු සොයා මෙහෙයුම් දියත් කෙරෙන බව ජනපති නිකොලාස් මදුරෝ පවසයි.
මෙම ප්‍රහාරය සඳහා ආයුද සන්නද්ධ පුද්ගලයන් 20ක් පමණ සහභාගී වී ඇති අතර, ඔවුන්ගෙන් දෙදෙනෙකු ආරක්ෂක අංශවල වෙඩි ප්‍රහාරවලින් ජීවිතක්ෂයට පත්ව, තවත් අයෙකු තුවාල ලබා තිබේ. එමෙන්ම, තවත් පුද්ගලයන් 7 දෙනෙකු අත්අඩංගුවට පත්ව තිබේ. මෙසේ පළාගොස් ඇත්තේ එම ප්‍රහාරය සඳහා පැමිණි ඉතිරි පිරිසයි.
වෙනිසියුලාවේ මිනීමරු දුෂ්ට පාලනයට එරෙහිව සටන් වදින පිරිසක් බව පවසමින් හමුදා ඇඳුමින් සන්නද්ධ වූ පිරිසක් සමාජජාල මාධ්‍ය වෙත වීඩියෝවක් මුසුකර තිබුණේ මෙම ප්‍රහාරයට පෙරය.
කෙසේ වෙතත්, මෙම සිදුවීමෙන් පසුව වෙනිසියුලාවේ සාමාන්‍ය ජනජීවිතය යථාතත්ත්වයට පත්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.
එරට රජයේ රූපවාහිනිය පවසා සිටියේ මෙම අවස්ථාවේදී ක්ෂණිකව ක්‍රියාත්මක වෙමින් රට ස්ථාවර කිරීමට පියවර ගැනීම සම්බන්ධයෙන් ජනපති මදුරෝ හමුදාවට ස්තූති කළ බවයි.
මෙම ප්‍රහාරය ත්‍රස්ත ක්‍රියාවක් ලෙස හැඳින්වූ ජනපතිවරයා, ආරක්ෂක අංශ මේ වනවිට දැඩි ප්රයත්නයක් දරමින් සෙසු තුවක්කුකරුවන් සොයා ගැනීමේ මෙහෙයුම් සිදුකරන බව අවධාරණය කරයි.
අත්අඩංගුවට පත්ව සිටින පිරිසෙන් එක් අයෙකු හමුදා සේවය හැර ගිය අයෙකු බවත්, අනෙක් පිරිස සාමාන්‍ය සිවිල් වැසියන් බවත් වෙනිසියුලා රජය පවසයි.