වෙනිසියුලාවේ උදාවී තිබෙන අර්බුදය පිටුදැකීම සඳහා වූ ප්රධාන ක්රියාමාර්ගය හැකි ඉක්මණින් මහ මැතිවරණය කැඳවීම බව විපක්ෂ නායක හෙන්රීක් කැප්රිල්ස් පවසයි.
ඔහු පවසන්නේ වත්මන් ජනපති නිකොලාස් මදුරෝ එරට ජනතාව වෙත දරුණු අවරෝධනයක් ඇති කර තිබෙන බවයි.
වෙනිසියුලානු ජනතාවගේ ඡන්ද අයිතිය කොතරම් කාලයක් මේ ආකාරයෙන් උදුරා ගැනීමට මදුරෝට අයිතියක් ඇතිද යන්න අසන විපක්ෂ නායකවරයා අවධාරණය කරන්නේ තව වැඩි කාලයක් ඔහුට එසේ කිරීමට හැකි නොවනු ඇති බවයි.
මෙම මාසය තුළ රජයට එරෙහිව පැවති උද්ඝෝෂණවලදී මෙතෙක් පුද්ගලයන් 30කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ආර්ථිකය දැඩි අර්බුදයක පවතින අතර, උද්ධමනය අහස උසට නැග ඇත.
