කියුබාව, ඇමෙරිකානු රාජ්‍ය සංවිධානය (OAS) සමග යළි සම්බන්ධ නොවන බවත්, එය වෙනිසියුලාව සමග පවත්වන සබඳතාව යළි සිහි කැඳවන්නක් බවත් කියුබානු ජනාධිපති රාහුල් කැස්ත්‍රෝ පවසයි.
OAS මහ ලේකම්වරයා විසින් වෙනිසියුලාවට එරෙහිව සම්බාධක පැනවීමට එරෙහිව කියුබාව මෙවැනි පියවරක් ගෙන තිබේ.
හවානා නුවරදී කැරීබියානු රාජ්‍යයන්ගේ සමුළුවකදී අදහස් දක්වමින් රාහුල් කැස්ත්රෝප පවසා සිටියේ OAS යනු අධිරාජ්‍යවාදී ආධිපත්‍යය පවත්වන මෙවලමක් බවයි.
වර්ෂ 1962 දී කියුබාව OAS වෙතින් ඉවත් කෙරුණත්, පසුගිය කාලයේදී දෙරට අතර සබඳතා යළි වර්ධනය වීම තුළ එම සංවිධානයේ දොරටු යළිත් කියුබාවට විවෘත විය.