වර්තමානයේදී වෙනිසියුලාව මුහුණදෙන දැඩි බලශක්ති අර්බුදයෙන් මිදීම සඳහා සතියකට දින දෙකක සේවා කාලයක් රාජ්‍ය අංශයේ සේවකයන් වෙත හඳුන්වාදී තිබේ.
මෙම හදිසි තත්ත්වයෙන් මිදීම සඳහා තාවකාලික පියවරක් ලෙස මෙය හඳුන්වාදුන් බව පවසන වෙනිසියුලා උපජනාධිපති ඇරිස්ටෝබූලෝ ඉස්ටූරිස් සඳහන් කරන්නේ, සඳුදා හා අඟහරුවාදා පමණක් සේවා මුර ලබාදී ඇති බවයි.
බහුල වශයෙන් ජල විදුලි බලාගාර හරහා විදුලි උත්පාදනයේ යෙදෙන වෙනිසියුලාව පසුගිය කාලය පුරා මුහුණදෙන දැඩි නියං තත්ත්වය සමග මෙම විදුලි අර්බුදය එරට තුළ හටගෙන තිබේ.
කෙසේ වෙතත්, මෙම අර්බුදය කළමනාකරණය කරගැනීමට රජය අපොහොසත් බව පවසමින් වෙනිසියුලා විපක්ෂය රජයට දැඩිව චෝදනා කරයි.
ඒ අනුව, එරට රජයේ සේවකයන් බදාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා යම් සේවයක යෙදෙන්නේ නම්, ඒ අත්‍යවශ්‍ය සේවා පමණක් බවද කියැවෙයි.