වෙනිසියුලාව හා ඇමෙරිකාව අතර ඇයිහොඳයිකම්වලට වැට බැඳුනේ අද ඊයේ නොවෙයි. වෙනිසියුලාවේ හිටපු ජනාධිපති හයුගෝ චාවේස්ට ඇමෙරිකාව යනු නයි වෛරක්කාරයෙකි. කෙසේ වෙතත් චාවේස්ගෙන් පසුව බලයට පත් චාවේස් අනුගාමිකයෙකු වූ වත්මන් ජනාධිපති නිකොලස් මදූරෝ ඇමෙරිකානු ජනාධිපති බරැක් ඔබාමා වෙත සාකච්ඡාවකට ආරාධනා කර ඇති බව දැන් වාර්තා වෙයි.
දෙරට අතර පවතින ප්‍රශ්න නිරාකරණය කරගනිමින් සැබෑ තත්ත්වය සාකච්ඡා මේසයට ගෙනඒමට එවැනි හමුවක් උදව්වන බව මදූරෝ පවසයි.
කෙසේ වෙතත්, මදූරෝ චෝදනා කරන්නේ ගතානුගතික ඇමෙරිකානුවන් හා මාධ්‍ය ආයතන සිය රජය පෙරළා දැමීමට කුමන්ත්‍රණ දියත් කරන බවයි. මේ වනවිට වෙනිසියුලාව තුළ ක්‍රියාත්මක වන විරෝධතා රැල්ල ආවරණය කරමින් සිටි සී.එන්.එන්. මාධ්‍යවේදීන්ගේ මාධ්‍ය හැඳුනුම්පත් අවලංගු කිරීමට එරට රජය ක්‍රියා කළේද ඒ අනුව යමිනි.
පසුගිය සිකුරාදා පැවති මාධ්‍ය සාකච්ඡාවකදී මදූරෝ පවසා සිටියේ “වෙනිසියුලාව සහ ඇමෙරිකා එක්සත් ජනපදයට මෙන්ම එම රජයට සාකච්ඡා මේසයට මා ආරධනා කරනවා” යනුවෙනි.
එහිදී “උසස් මට්ටමින් මේ සාකච්ඡාව ගෙනයමින් සත්‍යය තත්ත්වය සාකච්ඡා මේසයට ගෙන ඒමට කටයුතු කරමු” යනුවෙන් මදූරෝ වැඩිදුරටත් පවසා සිටියේය.