විශ්වවිද්‍යාලයට එරෙහිව සිසුන් කෙටි ඇඳුම්වලින්
විශ්වවිද්‍යාලයේ සෙසු සිසුන්ට මෙන්ම ගුරුවරුන්ට බාධාවක් ඇතිවන ආකාරයෙන් කෙටි සායවලින් සැරසී නොපැමිණෙන ලෙස කොලොම්බියානු විශ්වවිද්‍යාලයක් එහි සිසුවියන්ට පැවසීමත් සමග ඊට එරෙහිව විරෝධතාවක් ඇතිවී තිබේ.
කෙටි ඇඳුම්වලින් සැරසී පැමිණෙන අය ලිංගිකත්වය උද්දීපනය වන ආකාරයේ පිරිසක් ලෙස හංවඩු ගැසීමක් මෙම නීතිය හරහා සිදුවන බව පවසමින් විශ්වවිද්‍යාලයේ සියලු සිසු සිසුවියන් කෙටි ඇඳුම්වලින් පමණක් සැරසී මෙම විරෝධතාව පවත්වා ඇත.
කොලොම්බියාවේ යූ.පී.බී. විශ්වවිද්‍යාලය එම විශ්වවිද්‍යාලයේ වෙබ් අඩවිය හරහා මෙම නීතිය පිළිබඳ සියලු සිසු සිසුවියන් දැනුම්වත් කර තිබුණි.
කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් සිසු විරෝධය ඇතිවීමත් සමග විශ්වවිද්‍යාල වෙබ් අඩවිය යළිත් වරක් පවසා ඇත්තේ මෙය පොදුවේ ලබාදුන් පණිවුඩයක් පමණක් බවය.
සිසු සිසුවියන්ගේ පුද්ගලිකත්වයට විශ්වවිද්‍යාලය ගරු කරන බවත්, කිසි විටෙකත් සියලු සිසුන් වෙනුවෙන් නියමිත නිල ඇඳුමක් පැනවීමක් නොකරන බවත්, මෙය විශ්වවිද්‍යාලයට අලුතින් පැමිණෙන අය පමණක් ඉලක්ක කර සිදුකරන ලද්දක් බවත් එම නිවේදනයේ පසුව වැඩිදුරටත් කියා තිබුණි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


