බ්‍රිතාන්‍යයේ කේම්බ්රිජි ආදිපාදවරයා වන විලියම් කුමරු පියාසර කරන ගුවන් ගිලන් හෙලිකොප්ටරය ඩ්‍රෝන යානයක් සමග ගැටී අනතුරකට ලක්වීමට ගිය බව විදෙස් වාර්තා පවසයි.
නැගෙනහිර ඇන්ග්ලියන් ගුවන් ගිලන් රථ අංශය විසින් මෙහෙයවනු ලැබූ යූරෝකොප්ටර් 145 දරණ හෙලිකොප්ටර් යානය දුරස්ථ පාලකයක් විසින් මෙහෙයවනු ලැබූ ඩ්‍රෝන යානයක් සමග මෙම අනතුරින් බේරී ඇත්තේ අනූ නවයෙනි.
ලන්ඩනයට අඩි 1,900කට වඩා ඉහළ අහසේදී මෙම අනතුර සිදුවීමට ගිය බව පවසන මහා බ්‍රිතාන්‍යයේ ගුවන් පාලක අධිකාරිය සඳහන් කරන්නේ එම අවස්ථාවේදී විලියම් කුමරු එම යානයෙන් නොසිටියත්, ඔහු නිරන්තරයෙන් පියාසර කරන යානය එය බවයි.
මෙම ඩ්‍රෝන යානා නියමිත උසට වඩා ඉහළින් පියාසර කරවා ඇති බවද මේ සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණවලදී හෙළි වී ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.