කේම්බ්‍රිජ් ආදපාදවරයා සහ ආදිපාදවරිය වන විලියම් කුමරු හා කේට් කුමරිය අද (10දා) දින 07ක ඉන්දියානු හා භූතාන සංචාරයක් ආරම්භ කළහ.
එම සංචාරය ආරම්භ කරමින් ඉන්දියාවට පැමිණි රාජකීය යුවළ ඉන්දියාවේ මුම්බායි ප්‍රහාරයට ගොදුරුවූවන්ට උපහාර දැක්වීමක් සිදුකළේය.
ඒ අනුව, ටාජ් මහල් පැලස් හෝටලය වෙත පැමිණි විලියම් කුමරු හා කේට් කුමරිය 2008 වසරේදී සිදුවූ එම ම්ලේච්ඡ ප්‍රහාරයට ගොදුරු වූවන් සිහි කරමින් මල් කළඹක් තැන්පත් කළහ.
එමෙන්ම, පසුව එරට දරුවන් සමග ක්‍රිකට් තරගයකටද රාජකීය යුවළ සහභාගී වූහ.
1992 වසරේදී විලියම්ගේ මව වූ ඩයනා කුමරියගේ ජනප්‍රිය ටාජ් මහල් ඡායාරූපය සිහි කැඳවන අග්‍රා හි ටාජ් මහල් නැරඹීමටද රාජකීය යුවළ සූදානමින් සිටිති.