පිලිපීනයට දැඩි බලපෑමක් ඇති කළ ටෙම්බින් නිවර්තන සුළි කුණාටුව වියට්නාමය වෙත ළඟා වනවිට එහි ප්රබලත්වය බොහෝ දුරට හීනවී තිබේ.
කාලගුණ අංශ පවසා සිටියේ ටෙම්බින් මගින් ඇති කරන සුළං සමග තරමක තද වර්ෂාපතනයක් හෝ චී මින්හ් නගරයට කිලෝමීටර් 170ක් පමණ දකුණින් ගමන් කරමින් ඇති බවයි.
කෙසේ වෙතත්, සුළි කුණාටුව පැමිණීමට පෙර සිටම වියට්නාම බලධාරීන් විසින් අදාළ කලාපයේ සිටි මිලියනයක පමණ ජනතාවක් ආරක්ෂිත ස්ථාන කරා යොමුකර තිබුණි.
මෙම්බින් සුළි කුණාටුව පිලිපීනය වෙත සිදුකළ බලපෑමෙන් පුද්ගලයන් 240ක් පමණ ජීවිතක්ෂයට පත්වූ බව විශ්වාස කෙරෙයි.
කෙසේ වෙතත්, තවදුරටත් පුද්ගලයන් 100කට වැඩි පිරිසක් නායගිය පස් කඳුවලට යටව අතුරුදන්ව සිටින බැවින් මියගිය පිරිස මීට වඩා වැඩිවිය හැකි බවද විශ්වාස කෙරෙයි.
එහිදී, දකුණුදිග මින්ඩනාඕ ප්රදේශයේ පමණක් මාර්ග හා පාලම් රැසක් සම්පූර්ණයෙන්ම විනාශ වූ අතර, නිවාස 1,000ක්ද සම්පූර්ණයෙන් විනාශ විය.