වියට්නාම ගව ඝාතකාගාර තුළ කුළු ගෙඩි පහරේ සැර
වියට්නාමය තුළ ගව ඝාතනයේදී හිසට එල්ල වන මාරක කුළුගෙඩි පහරකට එම සතුන්ට මුහුණදීමට සිදුවීමේ ක්‍රෑර වදහිංසනයක් පිළිබඳ අනාවරණය වී තිබේ.
සත්ව අයිතීන් වෙනුවෙන් පෙනී සිටින ඔස්ට්‍රේලියාවේ, ඇනිමල්ස් ඔස්ට්‍රේලියා සංවිධානය පෙන්වා දෙන්නේ, මේ දැවැන්ත කුළු ගෙඩියෙන් අහිංසක ගවයන්ගේ හිසට පහර පහකට ආසන්න ප්‍රමාණයක් එල්ල කෙරෙන බවයි.
එහිදී, මේ අමානුෂික කුළුගෙඩි පහර එක දෙකෙන්ම බොහෝ සතුන් මාරාන්තික වේදනාවකින් කෑමොරදී බිම වැටෙන බවත්, එසේ වැටෙන සතුන් මිය යනතුරුම ඒ කුළු ගෙඩි නොනවත්වා ක්‍රියාත්මක වන බවත් එම සංවිධානය පවසයි.
විශේෂයෙන්ම මෙසේ මරා දැමෙන සතුන්ගෙන් බොහෝ එළගවයන් ඔස්ට්‍රේලියාවෙන් එරටට අනයනය කළ සතුන් වීම තුළ මේ සඳහා ඔස්ට්‍රේලියාවද මැදිහත් වී තිබේ. මෙම අනාවරණයත් සමග ඔස්ට්‍රේලියානු රජය ඒ පිළිබඳ විශේෂ පරීක්ෂණයක්ද ඉල්ලා තිබේ.

.jpg)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

