ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ පාසල් බස් රථයක් මතට සජීව විදුලි රැහැනක් කඩා වැටීමෙන් එම බස් රථයේ ගමන්කළ සිසුන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඉරිදා දිනයේ විනෝද චාරිකාවක් නිමවී යළි නිවස බලා පැමිණෙමින් සිටියදී මෙම අවාසනාවන්ත සිදුවීමට සිසුන් දෙදෙනා මුහුණ දී ඇති බව ඉන්දීය මාධ්‍ය පවසයි.
මෙම අනතුරින් තවත් සිසුන් 30 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවත්, ඔවුන් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවත් තමිල්නාඩු පොලීසිය කියයි.
මෙසේ සජීව විදුලි රැහනක් බස් රථයට මතට වැටුණේ කෙසේද යන්න තවමත් පැහැදිලි නැතත්, පාසල් සිසුන් පිරිසක් මෙම විදුලි රැහැන සමග සම්බන්ධව පැවති ගසක අඹ කැඩීමට අඹ අත්තක් ඇදීමට යාමෙන් මෙම අනතුර සිදුවන්නට ඇති බවත් පොලීසිය විශ්වාස කරයි.