විටමින් ඩී අතිරේකයන් හදවත් රෝගීන්ට වැඩි යහපතක් සිදුකරන බව නවතම පර්යේෂණයකින් අනාවරණය වී තිබේ.
බී.බී.සී.ය වාර්තා කරන ආකාරයට හදවත් රෝගීන් 163 දෙනෙකු යොදාගෙන සිදුකළ පරීක්ෂණයකදී මෙම තොරතුරු අනාවරණය වී ඇත. එහිදී, මිනිස් සිරුරේ රුධිර ගමනය සාර්ථකව සිදුකිරීම සඳහා ඉන් පිටුබලයක් ලැබෙන බව පැවසෙයි.
විටමින් ඩී විශේෂයෙන්ම සෞඛ්‍ය සම්පන්න අස්ථි හා දත් සඳහා විශේෂ දායකත්වයක් ලබාදෙන අතර, එය සම්පූර්ණ ශරීරය කෙරෙහි විශේෂ දායකත්යක් ලබාදුන්නත් බොහෝ දෙනෙකු විටමින් ඩී ඌනතාවයෙන් පෙළෙන බවද පෙන්වා දී තිබේ.