ඉන්දියානු කාන්තාවකට වැසිකිළියක් සාදා දීමට ඇගේ සැමියා අපොහොසත් වීම නිසා, ඔහුගෙන් දික්කසාද වීමට එරට අධිකරණයක් ඇයට අවසර ලබා දී තිබේ.
තමන් සිය සැමියා සමග වසර පහක කාලයක් ජීවත් වූ බවත්, වැසිකිළියක් නොමැති බැවින් තමන්ට නිවසින් බැහැර වැසිකිළි කැසිකිළි කරන ලෙස සැමියා බල කරන බවත් ඇය උසාවියට පවසා ඇත.
ඉන්දියාව තුළ සාමාන්‍යයෙන් දික්කසාදයක් හිමිවන්නේ ගෘහස්ත හිංසනය, අනාචාරය ආදී බරපතළ තත්ත්වයකදී පමණක් වුවත්, මෙහිදීද මෙම කාන්තාවට සිය ශරීර කෘත්‍ය සිදුකිරීම පිළිබඳ බල කිරීමද වධ හිංසනයක් ලෙස සලකා අධිකරණය මෙම නියෝගය ලබා දී ඇති බව කියැවෙයි.
මේ තත්ත්වය නිසා අදාළ කාන්තාව දැඩි ශාරීරික මෙන්ම මානසික අර්බුදයකට ලක්ව ඇති බවත්, දිවා කාලයේදී එළිමහනේ ශරීර කෘත්‍ය කිරීමට නොහැකි නිසා ඇයට සිය කාර්යය කරගැනීමට අඳුර වැටෙන තුරු බලා සිටීමට සිදුව තිබේ.