ඇසිඩ් ප්‍රහාරයකට ලක්ව සිටින ඉන්දියානු තරුණියකට වැරදීමකින් පැමිණි දුරකතන ඇමතුමක් විසින් අනාගත සහකරුවා උරුමකර දී තිබේ.
ලලිතා බෙන් බන්සි නමැති මෙම තරුණිය ඇස්ඩ් ප්‍රහාරයකට ලක්වීමෙන් පසුව ශල්‍යකර්මය 17කට වැඩි ප්‍රමාණයක් සිදුකර ඇති අතර, අවසානයේදී ඇයගේ හදයතටද ආදරය කිරීමට ගුණවත් හදවතක් හමුවී තිබේ.
රවී ශන්කර් නමැති ඔහුගේ සහකුරුවා වැරදි දුරකථන ඇමතුමකින් හමුවී තිබීමද මෙම ආදර කතාවේ විශේෂත්වයකි.
26 වැනි වියෙහි පසුවන ලලිතා, 2012 වසරේදී මෙසේ ඇසිඩ් ප්‍රහාරයකට ලක්ව තිබූ අතර, තමාට කිසිදා ආදරයක් හිමි වෙතැයි ඇය සිහිනෙනුදු නොසිතන්නට ඇත.
කෙසේවෙතත්, අවසානයේදී රවි ශන්කරගේ හිත ගැනීමට ඇය සමත්ව ඇති අතර, ඔවුන්ගේ විවාහ මංගල උත්සවයට බොලිවුඩ් තාරකාවන් රැසක් ඇතුළු ඇසිඩ් ප්රහාරයන්ට නතුව යළි නැගී සිටින පිරිසක්ද එක්ව සිටි බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි.