රජය විසින් තහවුරු කළ අවම මූලික වැටුපක් හඳුන්වාදීමේ අවශ්‍යතාව පිළිබඳ ජනතා කැමැත්ත විමසන ජනමත විචාරණයක් ස්විට්සර්ලන්තයේදී පැවැත්වෙයි.
මේ ආකාරයේ වැටුප් සම්බන්ධයෙන් ජනමත විචාරණයක් පැවැත්වෙන ප්‍රථම රට බවටද ඒ අනුව ස්විට්සර්ලන්තය පත් වෙයි.
එහිදී, යම් වැඩිහිටියෙකු ස්විට්සර්ලන්තය තුළ රැකියාවක නිරත වූවද, නොවූවද, ඔහුට හෝ ඇයට ස්විස් ෆ්රෑන්ක් 2,500ක (ඇ.ඩො.2,555ක) (රු.380,000 ක් පමණ) අවම මූලික වැටුපක් ලබාදිය යුතුද, නැද්ද යන්න මෙම ජනමත විචාරණයෙන් විමසෙන බව කියයි.
කෙසේ වෙතත්, ස්විට්සර්ලන්ත ජනතාවගෙන් හතරෙන් එකක් පමණක් මෙම තීරණයට කැමැත්ත ප්‍රකාශ කරනු ඇති බව පූර්ව මැතිවරණ නිරීක්ෂණයන්ගෙන් පෙනී ගොස් තිබේ.
කෙසේ වෙතත්, මෙම මූලික වැටුප පිළිබඳ කොන්දේසිවලදී දැනට ස්විස් ෆ්රැන්ක් 2,500 ට වඩා වැඩි ආදායමක් ලබන අයෙකුට ඊට වඩා වැඩි මුදලක් ඉපයීමේ අවස්ථාව ඇහිරීමද මෙසේ වැඩි දෙනෙකු මීට එරෙහි වීමට හේතු වනු ඇති බවද විශ්ලේෂකයෝ පෙන්වා දෙති.