ජර්මනිය තුළ මිලියන පහකට අධික ඩීසල් මෝටර් රථවල මෘදුකාංග යාවත්කාලීන කරමින් ඒවායෙන් පරිසරයට මුදාහැරෙන අහිතකර වායූන් අවම කිරීමට ජර්මානු මෝටර් රථ නිෂ්පාදන සමාගම් සහ ඉහළ පෙළේ දේශපාලඥයන් අතර එකඟතාවක් ඇති වී තිබේ.
මෝටර් රථ එන්ජිම කළමනාකරණය කෙරෙන නවතම මෘදුකාංගයක් මගින් මෙම කර්යය කිරීමට සැරසෙන අතර, එමගින් එන්ජිමේ වා පෙරණ පද්ධතිය වැඩිදියුණු කිරීමට සහ නයිට්රජන් ඔක්සයිඩ් විෂ රසායනිකය 25% - 30% ත් අතර ප්රමාණයකින් කපා හැරීමටද හැකිවන බව සඳහන් වේ.
විශේෂයෙන්ම, ජර්මනියේ ඩීසල් මෝටර් රථවල අහිතකර වායු විමෝචනය පිළිබඳ පර්යේෂණ දත්ත වංචනිකව වෙනස් කිරීම සම්බන්ධයෙන් එරට මෝටර් රථ කර්මාන්තය දැඩි දෝෂදර්ශනයකටද ලක්විය.
ජර්මනියේ ප්රමුඛ පෙළේ දේශපාලඥයන් සහභාගී වූ සමුළුවකදී මෙම එකඟතාවට පැමිණීමට මෝටර් රථ නිෂ්පාදකයන්ට හා දේශපාලඥයන්ට අවස්ථාව හිමිවිය.