ජපානයේ නිසාන් සහ හොන්ඩා සමාගම් පසුගිය වසරේදී වෙළෙඳ පොළට නිකුත් කරනලද මෝටර් රථ මිලියන 2.8ක වායු බැලූනයන්ගේ පැවති දෝෂ හේතුවෙන් ඒවා නැවත කැඳවීමට තිරණය කර ඇති බව බී.බී.සීය පවසයි.
ඒ අනුව, හොන්ඩා සමාගම ගෝලීය වශයෙන් මෝටර් රථ මිලියනයක්ද, නිසාන් සමාගම මෝටර් රථ 755,000ක්ද නැවත කැඳවා ඇති බව කියැවෙයි.
මෙසේ දෝෂයන්ට ලක්ව ඇති වායු බැලූනයන් අනතුරක් අවස්ථාවේදී අසාමාන්‍ය ලෙස ක්‍රියාකරන බව එම සමාගම් පෙන්වා දී තිබේ.
මෙම මස මුලදී ටොයෝටා සමාගමද ජපානය තුළ සිය සමාගමේ මෝටර් රථ 650,000ක් නැවත කැඳවා තිබුණු බව වාර්තා වෙයි.
මේ ආකාරයෙන් පසුගිය කාලය තුළ ජපානයේ ප්‍රමුඛතම මෝටර් රථ සමාගම් තුනක් තමන්ගේ වාහන ගෝලීය වශයෙන් නැවත කැඳවා තිබූ ප්‍රමාණය සංඛ්‍යාත්මකව මිලියන 7කට ආසන්න බව කියැවෙයි.