වානේ හිඟයක් හේතුවෙන් ජපානය තුළ සිදුකරන ටොයෝටා මෝටර් රථ නිෂ්පාදනය ලබන මස මුල් භාගය දක්වා අත්හිටුවීමට සිදුවනු ඇති බව ටොයෝටා මෝටර් කෝපරේෂන් සමාගම පවසයි.
එම සමාගමට වානේ සපයන සමාගමක ඇති වූ පිපිරීමක් හේතුවෙන් මෙම හදිසි තත්ත්වය ඇති වී තිබෙන බව රොයිටර් පුවත් සේවය පවසයි.
අයිචී වානේ කම්හලේ මෙම පිපිරීම සිදුව ඇති අතර, මේ හේතුවෙන් ලෝකයේ ප්රමුඛ මෝටර් රථ සමාගමක වාහන නිෂ්පාදනයට බාධා ඇති කර තිබේ.
ටොයෝටා සමාගමේ ගෝලීය මෝටර් රථ අවශ්‍යතාවයෙන් 40% ක් පමණම එරට තුළදීම නිෂ්පාදනය කෙරෙයි.
කෙසේ වෙතත්, මෙය දැනට ඇති ඉල්ලුම සපුරාලීමට බාධාවක් නොවනු ඇති බවද එම සමාගමේ ප්‍රකාශකයෙක් පවසා තිබේ.