ව්‍යාඝ්‍රයන් ප්‍රදර්ශනය කළ තායිලන්ත විහාරයේ සිටි ව්‍යාඝ්‍රයන් සියලු දෙනා අධිකරණ නියෝගයක් මත වනජීවී භාරයට ගත් බව එරට මාධ්‍යය කියයි.
තායිලන්තයේ, කන්චනාබූරි පළාතේ පිහිටි මෙම විහාරය තුළ සතුන් 137 දෙනෙකු පමණ අති දැඩි වූ අතර, මෙහි සත්ව ජාවාරමක් සිදුවන බව පවසමින් මෙම අධිකරණමය තීන්දුව ගෙන තිබේ.
එහිදී, මෙම සතුන් සියලු දෙනා වනජීවී භාරයට ගැනීම සඳහා 1,000කගෙන් පමණ සමන්විත වනජීවී නිලධාරීන් පිරිසක් සම්බන්ධ වූ බවද පැවසෙයි.
කෙසේ වෙතත්, විහාරස්ථානයේ හිමිවරුන් පවසා ඇත්තේ තම විහාරය තුළ මෙම සතුන් ඇතිදැඩි කිරීමක් හැර කිසිදු ආකාරයක සත්ව ජාවාරමක් සිදු නොවූ බවයි.
මෙසේ වනජීවී භාරයට ගනු ලැබූ ව්‍යාඝ්‍රයන් විශේෂ රැඳවුම් මධ්‍යස්ථාන වෙත යොමුකළ බවද කියැවෙයි.