වර්තමානයේදී නොයෙක් වර්ගවල මෙන්ම, නොයෙක් තාක්ෂණයන්ගෙන් යුතු රෙදි සේදුම් යන්ත්‍ර වෙළෙඳ පොළෙහි දැකිය හැකිය.
එකකට එකක් වෙනස් හා සුපිරි තාක්ෂණයන්ගෙන් යුතු මේවා මිනිසුන්ගේ කාර්යයන් වඩාත් පහසු කිරීමේ අරමුණින් ඉතා සුමට හා උපරිම රෙදි සේදුමක් ලබාදීම අරඹයා නිරන්තර යාවත්කාලීනයන්ට ලක්වෙයි.
මේ තත්ත්වය තවදුරටත් වර්ධනය වෙමින් ඇඳුම් මත ඉහිරෙන ව්යාංජනවලින් ඇතිවන පැල්ලම් යැවීම සඳහා විශේෂ ක්රියාකාරීත්වයක් සහිත රෙදි සේදුම් යන්ත්‍රයක් ඉන්දීය වෙළෙඳ පොළට පැමිණ තිබේ.
සාමාන්‍යයෙන් මෙවැනි පැල්ලමක් ඉවත්කිරීම එතරම් පහසු නොවන නිසා, බොහෝවිට එවැනි අවස්ථාවකදී එය අතින්ම සේදුම මීට පෙර සිදුවිය.
නමුත්, මෙම නව සේදුම් යන්ත්‍රයේ නිර්මාණකරුවා වන පැනසොනික් සමාගම පවසා සිටියේ සිය පාරිභෝගිකයන් ව්‍යාංජන පැල්ලම් සම්බන්ධයෙන් නිතර නැගූ මැසිවිලිවලට පිළියමක් ලෙස මෙය නිර්මාණය කළ බවයි.
එහිදි, ඔවුන් යන්ත්‍රය තුළ වූ ජලයේ උෂ්ණත්වය මෙන්ම, ඒ තුළට ජලය ගලායාමේ වේගය වෙනස් කරමින් වසර දෙකක් පුරාසිදුකළ පර්යේෂණ ප්‍රතිඵලයක් ලෙස මෙය එළිදක්වා තිබේ. මීට අමතරව, හිසෙහි ගල්වන තෙල් හේතුවෙන් ඇඳුම්වල ඇතිවන තෙල් පැල්ලම් යැවීමද මෙහි විශේෂ හැකියාවක් පවතින බව කියයි.
ආසියාතික රටවල වෙළෙඳ පොළ වෙනස්ම වෙළෙඳ පොළක් බව පවසන පැනසොනික් සමාගම ඔවුන්ට සරිලන අයුරින් හා ඔවුන්ගේ රටවල නිරන්තරයෙන් භාවිත වන රෙදි සේදුම් කුඩුවලට ගැළපෙන අයුරින්ද තම නිෂ්පාදන යාවත්කාලීන කිරීමට කටයුතු කරන බව පවසයි.