වසර 99කට පසු ඇමෙරිකාවට පූර්ණ සූර්යග්‍රහණ අත්දැකීමක්
වසර 99කට පසුව එළැඹෙන අගෝස්තු 21 වැනිදා පූර්ණ සූර්ය ග්‍රහණයක අත්දැකීම විඳීමට ඇමෙරිකානුවන්ට අවස්ථාව හිමිවන බව නාසා ආයතනය පවසයි.
ඒ අනුව, එදින දහවල් කාලයේදී ඇමෙරිකානු අහස අන්දකාරය වෙලාගනු ඇති බවත්, සෙල්සියස් අංශක කිහිපයකින් උෂ්ණත්වය අඩුවනු ඇති බවත් එම ආයතනය වැඩිදුරටත් සඳහන් කරයි.
හැඬලීම් නවත්වන කුරුල්ලන් තම කැදලි කරා පියඹා යෑමද මෙවැනි තත්ත්වයකදී සුලභව දැකිය හැකි තත්ත්වයක් බවද සඳහන් වේ.
වසර 99කට පසුව ඇමෙරිකාව අත්විඳින මෙම තත්ත්වය තාරකා විද්‍යාඥයන්ට මෙන්ම, මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන බොහෝ දෙනෙකු ආකර්ෂණය කරන තත්ත්වයක් වන අතර, සාමාන්‍ය ඇමෙරිකානුවන්ද මේ දුර්ලභ අවස්ථාව අත්විඳීමට සූදානම් වන බව කියැවේ.
එහිදී, ඇතැම් දෙනා මෙය දෙවියන්ගේ ක්‍රියාවක් ලෙසද අර්ථ දක්වන අතර, තවත් පිරිසකට අනුව මෙය ලෝක විනාශය කියාපාන සිදුවීමක්ද වී තිබේ.
දුර්ලභ, චමත්කාර දර්ශණයක් වන සූර්යග්‍රහණ ඇති වන ආකාරය පිළිබද ඔබ මීට පෙර සිතා තිබෙනවාද? නෝ එසේනම් ඔබට සූර්යග්‍රහණ ඇති වන ආකාරය නිවැරදිව පැහැදිලි කල හැකිද?
පූර්ණ සූර්යග්‍රහණයක් යනු චන්ද්‍රයා මගින් සූර්යයා සම්පූර්ණයෙන් අවහිර කිරීමකි. මෙලෙස අවහිර වීමේදී චන්ද්‍රයා අනිවාර්යයෙන්ම, සූර්යයා හා පෘථිවිය මැදට පැමිණිය යුතුය.
සූර්ය ග්‍රහණයක් සිදුවන අවස්ථාවේදී චන්ද්‍රයාගේ සෙවනැල්ල, එනම් ‘පූර්ණ චායාව’ හෝ ‘උප චායාව’ යන මේ කුමන සෙවනැල්ලකට හෝ හසු වී පවතින පෘථිවියේ වෙසෙන පුද්ගලයෙකුට සූර්යග්‍රහණක් දර්ශනය වෙයි. මුළු පෘතුවියම සැලකූ විට මෙලෙස සෙවනැල්ලෙන් වැසී යන්නේ තරමක් කුඩා බිම් පෙදෙසකි.
වර්ෂ 1955 ජුනි 20 වැනිදා ශ්‍රී ලංකාවාසීන්ද පූර්ණ සූර්යග්රහණක අත්දැකීම ලැබීය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

