දෙසිය වසකට ආසන්න කාලයක් ධවල මන්දිරය අසල නැගී සිටි ඓතිහාසික වෘක්ෂයක් කපා ඉවත් කිරීමට තීරණය කර තිබේ.
ජැක්සන් මැන්ගෝලියා වෘක්ෂය මෙම ස්ථානයේ රෝපණය කර තිබුණේ හිටපු ජනපති ඇන්ඩෘ ජැක්සන් විසිනි. ඒ මියගිය සිය බිරිඳ සිහිවීම පිණිසය.
කෙසේ වෙතත්, මෙම දැවැන්ත වෘක්ෂය ධවල මන්දිරයේ පැවති ඓතිහාසික උත්සවවලදී අපූර්ව පසුතලයක් නිරමාණය කළ අතර, වර්ෂ 1928 සිට 1988 දක්වා භාවිත වූ ඇ.ඩො.20 නොට්ටුවෙහිද මුද්‍රණය වී තිබුණි.
කෙසේ වෙතත්, විශේෂඥ මතයට අනුව මේ වනවිට මෙම ඉපැරණි වෘක්ෂයට යම් හානි පැමිණ ඇති බවත්, එය ධවල මන්දිරය අවට ගැවසෙන අයගේ ආරක්ෂාවට තර්ජනයක් එල්ල කර ඇති බවත් කියැවෙයි.
මේ නිසා, එම වෘක්ෂයේ විශාල කොටසක් කපා ඉවත් කිරීමට මුලින්ම පවසා ඇත්තේ ජනපති ආර්යා මෙලනියා ට්‍රම්ප් විසිනි.
කෙසේ වෙතත්, මෙම වෘක්ෂය කපා ඉවත් කළත් ඒ අසලම නව වෘක්ෂයක් නැවත සිටුවීමට කටයුතු කරනු ඇති බවත් ධවල මන්දිර ප්‍රකාශිකාවක වූ ස්ටෙෆනි ග්රිස්හැම් පවසා තිබුණි.