උතුරුදිග ඉරාකයේදී සැඟව සිට පහරදීමකට සැරසුණු ඉස්ලාම් රාජ්‍යයේ IS ත්රස්තයන් තිදෙනෙකු කුලප්පු වූ වල් ඌරු රංචුවකගේ ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.
එරටින් ලැබෙන තොරතුරුවලට අනුව පසුගිය ඉරිදා රාත්රියේදී මෙම ප්‍රහාරය එල්ල වී ඇති අතර, මෙම ඌරු ප්‍රහාරයෙන් තවත් ඉස්ලාම් රාජ්‍ය IS ත්රස්තයන් පස්දෙනෙකු තුවාල ලබා ඇති බවද විදෙස් වාර්තා පවසයි.
මෙම ප්‍රදේශයේ ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයන්ට එරෙහිව ආයුද සන්නද්ධව සිටින ගෝත්‍රික ජනතාවට පහරදීම සඳහා ඔවුන් මෙම සැඟව සිට පහරදීමේ ඇම්බුෂ් ප්‍රහාරය සැලසුම් කර ඇති බවත්, ඒ අවස්ථාවේදී මෙම කුලප්පු වූ වල් ඌරු රංචුවට ඔවුන් කොටුවී ඇති බවත් එම වාර්තා වැඩිදුරටත් පවසයි.
ආසන්න වශයෙන් ත්රස්තයන් 8 දෙනෙකු පමණ ඝන අඳුරේ වන ලැහැබක රැඳෙමින් තම ප්‍රහාරයට සූදානම් සිට ඇති අතර, ඔවුන්ගේ මෙම හැසිරීම්වලින් වල් ඌරන් කුලප්පු වන්නට ඇති බව එම ප්‍රදේශයේ ගෝත්‍රික ජනතාව පවසා තිබුණි.