ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ජාතික උද්‍යානයේ තිබූ ඩයිනෝසරයකුගේ පාද සටහනනෙන් කොටසකට කිසියම් පිරිසක් හානි පමුණුවා තිබේ.
වර්ෂ මිලියන 115ක් පමණ පැරණි බව කියන මෙම ඩයිනෝසර පොසිලය එහි ගල් තලාවක තිබියදී මුල් වරට සොයාගනු ලැබුවේ වර්ෂ 2006 දී පොසිල විද්‍යාඥයන් පිරිසක් විසිනි.
තියරපොඩ් ඩයිනෝසර පාද සටහනක් ලෙස සැලකුණු මෙම පා සටහන හමුවූ ප්‍රදේශය ඩයිනෝසර පොසිල සම්බන්ධයෙන් අතිශය ප්‍රසිද්ධියක් උසුලන කලාපයක් ලෙස සැලකෙයි.
එහිදී, සෙන්ටි මීටර් 30ක් පමණ පළල මෙම පාද සටහනට හානි කිරීම සඳහා මිටියක් වැනි ආයුධයක් භාවිත කරන්නට ඇතැයි බලධාරීහු විශ්වාස කරති.
කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් වික්ටෝරියා පොලීසිය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.
