සුදු ජාතිකත්ව අන්ත දක්ෂිණාංශිකත්ව හා ඊට විරුද්ධ පක්ෂ අතර පැවති රැළියේදී සිදුවූ ප්රචණ්ඩක්රියා සහ කාර් රථයක් කඩා වැදීම පිළිබඳ සිදුවීමේදී ජනපති ට්රම්ප් දක්වා ඇති ප්රතිචාරයට විවේචන එල්ල වී තිබේ.
වර්ජීනියා හි චාර්ලට්විලේ හිදී අන්ත දක්ෂිණාංශිකත්වයට විරුද්ධ කණ්ඩායම් සංවිධානය කළ රැළිය වෙත කාර් රථය කඩා වැදී තිබුණි. මෙයින් අයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයන් 19 දෙනෙකු තුවාල ලැබූ අතර, එය ගෘහස්ත ත්රස්තවාදයක් ලෙස අර්ථ දක්වා තිබුණි.
කෙසේ වෙතත්, කණ්ඩායම් දෙකේම ප්රචණ්ඩ ක්රියා සම්බන්ධයෙන් ජනපති ට්රම්ප් සිය අප්රසාදය පළ කර තිබුණත්, අන්ත දක්ෂිණාංශික කණ්ඩායම් වෙත ඔහුගේ විවේචනය අඩු බවට ට්රම්ප් වෙත විවේචන එල්ල වෙමින් පවතී.
රිපබ්ලිකන් සෙනට් සභිකයෙකු වූ කොරි ගාඩ්නර් පවසා සිටියේ, "ජනාධිපතිතුමනි, අපි නපුර නමින්ම ආමන්ත්රණය කරමින් එය හෙළා දැකිය යුතුයි" යනුවෙනි.
මොවුන් සුදු ජාතිකත්ව අන්ත දක්ෂිණාංශිකයන් බවත්, මෙය ගෘහස්ත ත්රස්තවාදයක් බවත් රිපබ්ලිකන් සෙනට් සභිකයා වැඩිදුරටත් පවසා තිබුණි.