දකුණු ඉන්දියාවේ බැංගලෝරයේ ප්රධාන පෙළේ පාසලක කාර්ය මණ්ඩල සාමාජිකයන් දෙදෙනෙකු විසින් එහි ඉගෙනුම ලැබූ වයස අවුරුදු 6ක දැරියක් සමූහ දූෂණයට ලක්කොට ඇති බව වාර්තා වෙයි.
මෙම සිදුවීම පසුගිය ජූලි 2 වැනිදා සිදුව ඇති අතර, දරුවා තම බඩ රිදෙන බව පැවසූ නිසා ඇය රෝහල් ගත කිරීමෙන් පසු මෙම අපරාධය හෙළි වී තිබේ.
ඒ අනුව, මේ වනවිට එම පාසල වටලමින් දෙමාපියන් දැවැන්ත විරෝධතාවක් දියත් කර ඇති අතර, පාසලේ ගේට්ටු කඩා බිඳදමා ඇති බවද වාර්තා වෙයි.
ඒ අනුව, පොලීසිය මෙම සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණ අරඹා තිබුණත්, තවම කිසිවෙකු අත්අඩංගුවට ගෙන නොමැති බවද කියැවෙයි.
ඉන්දියාව තුළ මේ ආකාරයෙන් ස්ත්රී දූෂණ වාර්තා වීම මේ වනවිට උදම් රළක් ලෙස ඉහළ යන අතර, ඉන්දියාවේ නව රජයටවත් මීට නිසි පිළියමක් යෙදීමට තවම නොහැකි වී ඇති බවට රට තුළින්ම චෝදනා එල්ල වෙමින් පවතී.