ලෝකයේ ළමා විවාහ සහ ආර්ථික බලපෑම
ලෝකය තුළ තවදුරටත් සිදුවන ළමා විවාහ හේතුවෙන් වර්ෂ 2030 වනවිට ලෝකයට ඇ.ඩො.ට්‍රිලියන ගණනක මූල්‍ය හානියක් දැරීමට සිදුවනු ඇති බව ලෝක බැංකුව සහ කාන්තාවන් සම්බන්ධ පර්යේෂණ ආයතනයේ නවතම වාර්තාවක් පවසයි.
කෙසේ වෙතත්, ළමා විවාහ තවදුරටත් ලෝකය තුළ සිදු නොවීමට අවශ්‍ය පියවර ගැනීමට බලධාරීන් කටයුතු කරන්නේ නම් එම දැරියන් සහ ඔවුන්ගේ දරුවන්ගේ අධ්‍යාපනය නැංවීමට, දරුවන් ප්‍රමාණය සීමා කිරීමට හා දරුවන් වැදීම පමා කිරීමට, ඔවුන්ගේ ආදායම සහ පවුල් සුබසාධනය ඉහළ නැංවීමට එමගින් ධනාත්මක බලපෑමක් කළ හැකි බවද එම වාර්තාවෙන් පෙන්වාදී තිබේ.
'ළමා විවාහ තුළ ආර්ථික බලපෑම' යන වාර්තාවට අනුව පසුගිය වසර 30ක කාලය තුළ ළමා විවාහ හෙවත් වයස අවුරුදු 18 ට අඩු වයසේ දැරියන් විවාහ වීම බොහෝ රටවල පහළ ගොස් තිබේ. කෙසේ වෙතත්, රටවල් කිහිපයක මෙය තවදුරටත් සිදුවන අතර, එවැනි රටවල් 25ක් සම්බන්ධයෙන් සිදුකළ සමීක්ෂණයකට අනුව දරුවන් තිදෙනෙකුගෙන් අයෙකු 18 ට පෙර විවාහ වී ඇති අතර, දරුවන් පස් දෙනෙකුගෙන් අයෙකු 18 ට පෙර තම පළමු වැනි දරුවා ප්‍රසූත කර තිබේ.
දරුවන්ට පාසල් අධ්‍යාපනය ලබාදීම ළමා විවාහ වැළැක්වීමේ ප්රශස්ත ක්‍රමය බව පෙන්වාදෙන අදාළ වාර්තාව, ළමා විවාහවලට බහුලව මුහුණදෙන රාජ්‍යයන් අතර ආසියාවේ බංග්ලාදේශය, ඉන්දියාව, නේපාලය යන රටවල්ද පෙන්වා දී තිබේ.
එමෙන්ම, මෙම වාර්තාව හෙළි කරන පරිදි ජනගහන වර්ධනය, දරු උපත් සඵලතාව, පවුලේ ආදායම මෙන්ම ළමා සෞඛ්‍යය පිළිබඳ විමසීමේදී වර්ෂ 2030 වනවිට තුන්වෙනි ලෝකයේ රටවලට එමගින් සිදුවන මූලය හානිය ඩොලර් ට්‍රිලියන ගණනකි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

