ඇමෙරිකාවේ වත්මන් ජනාධිපතිවරණ තරගයේ පවතින සෘණාත්මක ආකල්ප බැහැර කළ යුතු බවත්, මේ වනවිට ලෝකයේ වඩාත් ශක්තිමත්ම හා කල්පවතිනම ආර්ථිකය පවතින්නේ ඇමෙරිකාවට බවත් එරට ජනපති බරැක් ඔබාමා පවසයි.
ඇමෙරිකානු ජනාධිපතිවරයා මෙසේ පවසා සිටියේ අද (13දා) එරට කොංග්රස් සභාවේදී පැවැත්වූ සිය අවසන් හා 8 වැනි රාජාසන කතාව පවත්වමිනි.
"ඇමෙරිකානු ආර්ථිකය පහළ යන බව කිසිවෙකු පවසනවා නම් එය නිසැකවම ප්‍රබන්ධයක් පමණයි" යනුවෙන් වොෂිංටනයේදී ව්‍යවස්ථා සම්පාදකය් හමුවේ ඔබාමා අවධාරණය කර තිබේ.