ලෝක ජනගහන දිනය අදයි -අද ජනගහනය බිලියන7.6යි
අදට යෙදෙන ලෝක ජනගහන දිනයේදී ලෝකයේ සමස්ත ජනගහනය බිලියන 7.6කට ආසන්න බව ගණනය කෙරී ඇත.
1989 වසරේදී එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලය විසින් ජූලි 11 වැනිදා ලෝක ජනගහන දිනය ලෙස නම් කරනු ලැබූ අතර, ජනගහනය සම්බන්ධ කාරණා පිළිබඳ දැනුම්වත්භාවය, පරිසරයට හා සංවර්ධනයට ඔවුන්ගේ දායකත්වය යන කරුණු මෙම දිනය ඇති කිරීමේදී මූලිකත්වය ගෙන තිබුණි.
ක්රි.ව.1000 දී ලෝක ජනගහනය මිලියන 400කි. එය බිලියනය දක්වා වැඩිවීම වර්ෂ 1804දී සිදුව ඇති අතර, වර්ෂ 1960 දී එය බිලියන 3 ඉක්මවා තිබේ. කෙසේ වෙතත්, පසුගිය වසර 40ක කාලය තුළ එනම්, වර්ෂ 2000 දී එම අගය දෙගුණයකින් වැඩිවී ලෝක ජනගහනය බිලියන 6ක් බවට පත්විය. අද වනවිට එම තත්ත්වය බිලියන 7.6කට ආසන්නය.
සෑම දිනකම, සෑම තත්ත්පරයකම උපත් 4.2ක් ලෝකයේ සිදුවන අතර, ඊට අනුපාතිකව මරණ සිදුවන්නේ 1.8කි. ඒ අනුව, වර්ෂ 2050 වනවිට ලෝක ජනගහනයෙන් 70%ක් නගරාශ්රිතව ජීවත්වනු ඇත.
2017 ලෝක ජනගහන දිනයේ තේමාව වී ඇත්තේ පවුල් සැලසුම්, ජනතාව සවිබල ගැන්වීම, සංවර්ධනය වන ජාතීන් යන්නයි. එහිදී, ලන්ඩනයේ පැවැත්වෙන පවුල් සැලසුම් සමුළුවද මෙවර ලෝක ජනගහන දිනය හා බැඳී පවතින අතර, 2020 වනවිට කාන්තාවන් මිලියන 120ක් තවදුරටත් පවුල් සැලසුම් සඳහා ඈඳා ගැනීම එහි බලාපොරොත්තුවයි.
ජනගහන ගණත්ව වගුවට අනුව දෙවැනි වැඩිම ජනගහනයක් වෙසෙන ඉන්දියාව, 2025 සහ 2030 යන කාලයන් හිදී ලොව වැඩිම ජනගහනයක් වෙසෙන චීනය අභිභවා යනු ඇති බවත්, එරට ජනගහනය වර්ධනය බිලියන 1.65ක් වනු ඇති බවත් පුරෝකථනය කෙරෙයි.
එමෙන්ම, ලෝකයේ වැඩිම ජනගහනය වෙසෙන රාජ්ය ලෙස පවතින චීනය අභිභවා යෑමට ෆේස්බුක් සමත්වනු ඇති බවද කියැවේ. ඒ ෆේස්බුක් රටක් ලෙස ගතහොත් සෑම මසකම බිලියන 2කට ආසන්න ජනතාවක් මෙම සමාජජාලය සමග එකතු වන බැවිනි.
.jpg)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

