අපි‍්‍රකානු මහාද්වීපයට මෙන්ම ලෝකයටම වටිනා වස්තුවක් වූ සැටාවෝ දළ ඇතා පසුගියදා අයිවරිකෝස්ට් දඩයක්කරුවන් විසින් මරා දමා ඇති බව වාර්තා විය.
මේ අසාමාන්‍ය දළ ඇතාගේ දළ දෙක ඉතා දික් වූ නිසා ඒවා පොළොවේ ස්පර්ශ වූ අතර, මේ තේජවන්ත හස්තියා ආරක්ෂා කරගැනීම සඳහා ලෝකයම උනන්දු විය.
කෙසේ වෙතත්, කෙන්යාවේ ටිසාවෝ නැගෙනහිර ජාතික වනෝද්‍යානයේ තිබියදී පසුගියදා උගේ සිරුර සොයාගෙන තිබුණි.
වසර 45ක් වැනි දීර්ඝ කාලයක් තිස්සේ ටිසාවෝ වනෝද්‍යානයේ ජීවත් වූ සැටාවෝ මරා දැමීමට දඩයක්කරුවන් යොදාගෙන තිබුනේ විස පෙවූ එක් ඊතලයක් පමණක් බව බලධාරීහු පැවසූහ.
මෙම සද්ධන්තයාගේ ඇති විශේෂත්වය හේතුවෙන් ගුවන් පිරික්සුම් ක්‍රමවේදයක් යොදා ගනිමින් උගේ චලනයන් ගැන අවධානයෙන් සිටියත් ලෝක උරුමයක් බඳු මේ හස්තියා ආරක්ෂා කරගැනීමට නොහැකි විය.