ලොව පුරා මුහුදු මාර්ග ඔස්සේ සිදුකරන ප්රයවාහනයේදී ලෝකයේ ආහාර සුරක්ෂිතතාව ස්ථාන 14කදී දැඩි අවදානමකට ලක්ව ඇති බව බ්රිදතාන්යය කේන්ද්රබ කරගත් බුද්ධි මණ්ඩල වාර්තාවක් පෙන්වා දෙයි.
ඒ අනුව, පැනමා ඇල, සූවස් ඇල සහ තුර්කි සමුද්රු සන්ධිය ආදී ස්ථාන වෙත වැඩි ආරක්ෂාවක් සැපයීමේ වැදගත්කම ඔවුහු අවධාරණය කරති. ලෝකයේ සමස්ත ආහාරවලින් 25% ක් පමණ ජාත්යමන්තර වෙළෙඳ පොළෙහි අලෙවි වීමත්, ඒවා වැඩි ප්රවමාණයක් මුහුදු මාර්ග ආශ්රි්තව ප්ර්වාහනය වීමත් මීට හේතුවයි.
එමෙන්ම, මෙම වාර්තාවෙන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ආහාර සැපයුම මෙන්ම මිල බලාපොරොත්තු නොවූ අර්බුද හා කාලගුණික වෙනස්කම් හේතුවෙන් බලපෑමට ලක්විය හැකි බවයි. ඒ අනුව, කාලගුණික වෙනස්කම්වලට ඔරොත්තු දෙන යටිතල පහසුකම් ආයෝජනය මෙන්ම, ආහාර විවිධාංගීකරණය සහ තොග රැස්කිරීම සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකරන ලෙසද ඔවුහු රජයන් වෙත දැඩිව අවධාරණය කරති.