ලොව විශාලතම උභයචාරී ගුවන් යානය, AG600 යානය චීනයේ නිෂ්පාදනයක් ලෙස සිය ප්රථම පියාසැරිය සාර්ථකව සිදුකර තිබේ.
බෝයිං 747 ගුවන් යානයක් තරමට විශාල මෙම යානය සතුව ටර්බෝ එන්ජින් 4ක් පවතී. දකුණුදිග ගුවාන්ග්ඩොන්ග් පළාතේ සුහායි ගුවන් තොටුපොළෙන් ගුවනට පිවිසි මෙම යානය පැයක ගුවන් කාලයක් සිය මංගල ගමනේදී පවත්වා තිබේ.
මිනිසුන් 50 දෙනෙකුට එකවර ගමන් කළ හැකි යානයට නොනවත්වා පැය 12ක ගුවන් ගමනක් සිදුකළ හැකි බව කියැවේ.
ගිනි නිවීමේ සහ සාගර ආශ්රිත මුදාගැනීම් මෙහෙයුම් සඳහාද යොදාගත හැකි මෙම යානය දකුණුචීන මුහුදේ සේවයට යෙදවෙනු ඇති බවද කියැවෙයි.
ෂිංහුවා පුවත් ඒජන්සිය පවසා සිටියේ ගොඩබිම, සාගය මෙන්ම කඳු ශිඛර වෙතද මුදාගැනීමේ මෙහෙයුම් සඳහා මෙම යානාය යොදාගත හැකි බවයි.