ලෝකය වටා අඩුම කාලයකින් තනිව යාත්රා කිරීමේ ලෝක වාර්තාව අලුත් කිරීමට ප්රංශ නැවියෙකු සමත්ව තිබේ.
ප්රංශුවා ගබාට් අද (17දා) උදෑසන මෙම ලෝක සවාරිය අවසන් කරන විට ඔහු ඒ සඳහා ගත කර තිබුණේ දින 42යි, පැය 16යි, මිනිත්තු 40යි, තත්ත්පයර 35ක කාලයකි.
පසුගිය නොවැම්බර් 04 වැනිදා සිය යාත්රාවේ නැගී ආරම්භ කළ යාත්රාණය නොනවත්වා සිදුකරමින්, මීට පෙර පැවති වාර්තාවට දින හයකට වඩා අඩුවෙන් මෙම නව වාර්තාව පිහිටුවීමට ඔහු සමත්ව ඇත.
මීට පෙර එම වාර්තාවට හිමිකම් කියා තිබුණේද ප්රංශ ජාතිකයෙකු වන තෝමස් කොවිල් ය.
මෙම වාර්තාව මුලින්ම පිහිටුවා තිබුණේ තවත් ප්රංශ ජාතිකයෙකු වන ප්රංශුවා ජොයෝන් විසිනි. ඒ 2004 වසරේදීය.