ලෝකයේ දිගම හා ගැඹුරුම උමං දුම්රිය මාර්ගය ස්විට්සර්ලන්තයේදී විවෘත කිරීමට නියමිතව තිබේ.
දශක දෙකකට අධික කාලයක් පුරා සිදුකළ ඉදිකිරීම් අවසන් කරමින් කි.මීටර් 57ක් දිග, ද්විත්ව මාර්ග දුම්රිය උමං මාර්ගය උතුරුදිග හා දකුණුදිග යුරෝපය යා කරමින් ස්විස් ඇල්ප්ස් කඳුකරය හරහා වැටී තිබේ.
මෙය යුරෝපීය ප්‍රවාහන ක්ෂේත්රයේ විප්ලවීය අවස්ථාවක් වනු ඇති බව ස්විට්සර්ලන්තය කියයි.
වර්තමානයේදී වර්ෂයකට ලොරි රථ මිලියනයකට වැඩි ප්‍රමාණයක් භාණ්ඩ පටවාගෙන දීර්ඝ මාර්ගයක ගමන් කරයි.
එමෙන්ම, මෙම දුම්රිය උමං මාර්ගය කි.මී. 53.9ක් දිග ජපානයේ සෙයිකාන් උමං දුම්රිය මාර්ගය මෙන්ම, බ්‍රිතාන්‍ය හා ප්‍රංශය යා කරන කි.මී, 50.5ක් දිග උමං මාර්ගයද පරාජයට පත්කොට තිබේ.