ජපානයේ ප්‍රකට සමාගම් සිය සමාගම් ජාලයේ 350 වැනි වසර සමරනු වස් වසර 2041 දී ලෝකයේ උසම දැව ගොඩනැගිල්ල නිර්මාණය කිරීමට සැලසුම් කරමින් සිටියි.
සුමිටොමෝ ෆොරස්ට්රි සමාගම පවසන්නේ මහල් 70කින් සමන්විත මෙම ගොඩනැගිල්ල W350 යනුවෙන් නම් කෙරෙනු ඇති බවයි.
වානේ සහ දැව කියුබික් මීටර් 180,000ක සුසංයෝගයක් ලෙස ඉදිවන මෙම ගොඩනැගිල්ල තුළ නිවාස 8,000කට පහසුකම් පවතින බවත්, එය කුඩා වෘක්ෂයන් හා හරිත පත්රයන්ගෙන් අලංකාර ගොඩනැගිල්ලක් වනු ඇති බවත් ඔවුහු පෙන්වා දෙති.
වානේ බට යොදාගෙන සැකසෙන මෙහි සැකිල්ල ඕනෑම භූ කම්පනයකට ඔරොත්තු දෙන ආකාරයෙන් නිර්මාණය වනු ඇති බවද ඔවුහු පවසති.
මෙම සමස්ත ව්‍යාපෘතිය වෙනුවෙන් යුවාන් බිලියන 600ක මුදලක් වැය කිරීමට එම සමාගම සැරසෙන අතර, එය එම උසට ඉදිවන සාමාන්‍ය ගොඩනැගිල්ලක් නිර්මාණය කිරීමට යන මුදල මෙන් දෙගුණයක් බවද කියැවෙයි.