නේපාලයේ එවරස්ට් කඳුකරයේ අයිස් ග්ලැසියර ආශ්රිත ලොව වැඩිම උසකින් පිහිටි ඉම්ජා විලේ ජලය ඉවත් කිරීමට එරට බලධාරීන් කටයුතු යොදා තිබේ.
මෙම විලේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළ යෑම හේතුවෙන් ඉවුරු කඩාගෙන ගොස් පහත් බිම් යටවීමේ අවධානයක් පවතින බවට වූ අනතුරු ඇඟවීමක් මෙම හදිසි ක්‍රියාමාර්ගයට හේතුව බව කියයි.
විලේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් විල් ඉවුර විනාශ කර ගෙන පහත් බිම් වලට ජලය ගලා ඒමේ අවදානමක් පවතින බවට විද්‍යාඥයන් විසින් සිදු කළ අනතුරු ඇඟවීමක් මෙම හදිසි මෙහෙයුමට හේතු වී තිබේ.
මෙම ඉම්ජා විල පොළෝ මට්ටමේ සිට අඩි 5,010 ක් පමණ උසකින් පිහිටා අති අතර, එම ජලය හානියක් නොවන පරිදි පහත් බිම් කරා රැගෙන ඒමට එරට හමුදාව ප්රමුඛ කණ්ඩායම් යොදවා තිබේ.
විශේෂයෙන්ම වර්තමානයේ දැකිය හැකි කාලගුණික විපර්යාසයන්ද මෙසේ මෙම විල ආශ්රිත ජල මට්ටම් ඉහළ යාමට හේතු වී ඇති අතර, එවැනි කාලගුණ විපර්යාසයන් හමුවේ සිදුවන හානි අවම කරගැනීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය හා නේපාලය අතර ඇති කරගත් අවබෝධතාවක්ද මෙම පියවරට හේතු වී ඇත.