ගැටුම් අතරතුර එල්ල වූ රොකට් ප්‍රහාරයකින් ලිබියාවේ, ට්‍රිපෝලි අගනුවර තෙල් ගබඩා සංකීර්ණයක හටගෙන ඇති ගින්න ගින්න නිවා දැමීමට ලිබියාව ජාත්‍යන්තරයේ සහාය ඉල්ලා ඇති බව පැවසෙයි.
ඒ අනුව, මේ දැවැන්ත ගින්න හේතුවෙන් සිදුවිය හැකි මානුෂීය මෙන්ම පාරිසරික හානිය සුළුපටු නොවිය හැකි බව ලිබියානු රජය අනතුරු අඟවයි.
එය ට්‍රිපෝලි අගනුවර පිහිටි තෙල් ගබඩා සංකීර්ණය ලෙස සැලකෙන අතර, එහි ඉන්ධන ලීටර් මිලියන 6.6ක් ගබඩා කර ඇති බව කියයි.
ලිබියානු අගමැති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ මෙම ගින්න නිවීම සඳහා ජාත්‍යන්තරයේ සහාය ඉල්ලා සිටි බවයි.
ඒ අනුව, ගින්න නිවීම සඳහා අවශ්‍ය ගුවන් යානා සහ විශේෂඥ කණ්ඩායම් එවීමට රටවල් කිහිපයක් එකඟ වී ඇති බවද අගමැති කාර්යාලය පෙන්වා දී තිබේ.
මේ අතර, ගබඩා සංකීර්ණයෙන් කිලෝ මීට්ර 3 - 5ත් අතර දුරින් සිටින සියලුම ජනතාවට ඉවත්වන ලෙසද අනතුරු ඇඟවීමක් කර ඇත්තේ, ගින්න සමග දැවැන්ත පිපිරීම් අතිවිය හැකි බැවිනි.
නමුත්, පසුගිය සති කිහිපය තුළ හටගෙන ඇති ගැටුම් හේතුවෙන් ජනතාව ඉවත් කිරීමද දැඩි අර්බුදකාරී වාතාවරණයක පවතින බව කියැවෙයි.