ලෝකයේ වඩාත් ප්‍රකට ඉලෙක්ට්‍රොනික භාණ්ඩ ප්‍රදර්ශනයක් ලෙස සැලකෙන කන්සියුමර් ඉලෙක්ට්රොන්කි ෂෝ හෙවත් CES. ප්‍රදර්ශනය අතරතුර සිදුවූ විදුලිය විසන්ධි වීමක් හේතුවෙන් ප්‍රදර්ශනයෙන් අඩකට වැඩි කොටසක් එක්වරම අඳුරේ ගිලී ගිය බව විදෙස් වාර්තා පවසයි.
ඇමෙරිකාවේ ලාස් වේගාස් හි සම්මේලන මධ්‍යස්ථානයේ, ප්‍රධාන ශාලවේදී පැවැත්වෙන මෙම ප්‍රදර්ශනය එරට වේලාවෙන් පෙ.ව.11.20ට පමණ මීට මුහුණදී ඇත.
කෙසේ වෙතත්, යළිත් විදුලි සැපයුම ලබාගැනීම සඳහා පැය දෙකකට අධික කාලයක් වැයවී ඇති අතර, මේ හේතුවෙන් එහි රැඳී සිටි පිරිස් ඉවත් කිරීමට සංවිධායකයන්ට සිදුව තිබේ.
විශේෂයෙන්ම, එල්ජී, සැම්සුන්ග් සහ සෝනි භාණ්ඩ ප්‍රදර්ශනය කෙරෙන කලාපයට මෙම විදුලිය විසන්ධි වීම වැඩි වශයෙන් බලපා ඇති බව කියැවෙයි.