ලස්සන නැතත් බිකිනියක් ඇන්ඳොත් වැඩ වරදී - අගමැති ප්‍රකාශයට විරෝධය
                                 -  18 09 2014 
                                 -  20:13
                                 - {{hitsCtrl.values.hits}} views
                                  - නරේන් විශ්වජිත් 
                                
                            
                        
                        යම් සංචාරකයෙකු ආකර්ෂණීය නොවූවත්, බිකිනියකින් සැරසී සිටීම යනු කිසියම් සිදුවීමකට අතවැනීමක් බව තායිලන්ත වත්මන් අගමැති ප්‍රයුත් චාන්-ඕචා විසින් සිදුකර තිබූ ප්‍රකාශයට ඔහු විසින්ම සමාව ඉල්ලා ඇති පුවතක් වාර්තා වෙයි.
තායිලන්තයේ කෝහ් තාඕ දූපතේදී බ්‍රිතාන්‍ය ජාතික සංචාරකයන් දෙදෙනෙකු ඝාතනයට ලක්වී දින කිහිපයකට පසුව අගමැතිවරයා විවාදයට තුඩුදෙන මෙම අදහස් දැක්වීම සිදුකර තිබේ.
ඔවුන් ලස්සන නැතත්, ඔවුන් බිකිනියක් ඇන්ඳන් හටියොත් ඔවුන්ට බේරෙන්න පුළුවන්ද? යන අරුථ දෙන අදහසක් අගමැතිවරයාගේ මුවින් පිටවී තිබේ.
කෙසේ වෙතත්, අගමැතිවරයාගේ මේ ප්‍රකාශයෙන් එරට බ්‍රිතාන්‍ය තානාපතිකාර්යාලය කුපිත වී ඇති බවත්, තමන් අතින් වැරදි දෙයක් පැවසුනේ නම් ඊට සමාව ඉල්ලා සිටින ලෙස ඔහු අද පැවති මාධ්‍ය හමුවකදී පවසා ඇති බවත් වාර්තා වෙයි.
	.gif) 
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

 
                     
  
  
 
 
                     
                                 
                                 
                                 
                                 
  
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                