ක්‍රිස්තියානි ලබ්ධිය වැළඳ ගැනීම හේතුවෙන් මරණ දඬුවමට ලක්ව පසුව නිදහස ලැබූ සුඩාන කාන්තාව පාප් වහන්සේ හමුවූ බව වාර්තා වෙයි.
මෙරියෑම් යහියා ඊබ්‍රාහිම් ඉෂාග් නමින් හැඳින්වෙන ඇය සිය පවුල සමග රෝමය වෙත පැමිණියේ ඛාර්ටුම් හි ඇමෙරිකානු තානාපති කාර්යාලයේ රැඳී සිටීමෙන් පසුවය.
සුඩාන අධිකරණය විසින් ක්‍රිස්තියානි ලබ්ධිය අත්හැරීමට අකමැති වීම සම්බන්ධයෙන් වරදකරු කරමින් මරණ දඬුවම නියම කළ මෙම කාන්තාව සම්බන්ධ සිදුවීම ලොව පුරා ආන්දෝලනයක් ඇති කළේය.
ඇගේ පියා මුස්ලිම් ජාතිකයෙකු වූ බැවින් වෙනත් ලබ්ධියක් වැළඳ ගැනීම ඇයට විරුද්ධව චෝදනා නැගීමට ප්‍රධානතම හේතුව විය.
නමුත්, ක්‍රිස්තියානි මවක විසින් ඇය හදාගත් නිසා තමන් කිසිම අවස්ථාවක මුස්ලිම් නොවන බව ඇය කියා තිබුණි.
කෙසේ වෙතත් අවසානයේදී ඇයට පනවා තිබූ මරණ දඬුවමට එරෙහිව ජාත්‍යන්තර කරළියේ හඬ නැගීමේ ප්‍රතිඵලයක් ලෙස ඇයට නිදහස හිමිවිය.