මාරාන්තික ඉබෝලා වසංගතය ලබන වසරේ මැද භාගය වනවිට සම්පූර්ණයෙන්ම පාලනයට නතුකර ගැනීමට හැකිවනු ඇති බව එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැන් කී මුන් මහතා පවසයි.
නමුත්, ඔහු අනතුරු අඟවා සිටින්නේ බටහිර අප්‍රිකාවේ ඇතැම් රටවල තවමත් ඉබෝලා සම්බන්ධ නව සිදුවීම් වාර්තා වන බවයි. විශේෂයෙන්ම මාලි රාජ්‍යයේද පුද්ගලයන් 6 දෙනෙකු ඉබෝලා වෛරසය ශරීරගත වීමෙන් ජීවිතක්ෂයට පත්වීම සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුව තිබේ.
මේ අතර, ඉබෝලා වසංගතය පිළිබඳ එක්සත් ජාතින්ගේ සංවිධාන ප්‍රධානී ඇන්තනී බැන්බරි පවසන්නේ වසංගතය පාලනය කිරීම තවමත් ලෝකයෙන් දුරස් බවයි.
ගිනියා, සියෙරාලියෝන් සහ ලයිබීරියාව යන රටවල් ඉබෝලා වසංගතය හේතුවෙන් දරුණුවට බැටකෑ රටවල් ලෙස සැලකෙයි.
මේ වනවිට එම රටවල් තුනෙන් පමණක් 5,400කට වැඩි පිරිසක් ඉබෝලා ශරීරගත වීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති අතර, නයිජීරියාව, මාලි, සිපාඤ්ඤය හා ඇමෙරිකාව යන රටවලින්ද මරණ වාර්තා විය.