ලන්ඩනයේ, වෙස්ට්මිනිස්ටර් ප්‍රහාරය එල්ල කළ ඛලීඩ් මසූඩ් හුදකලා වෘකයෙකු ලෙස තනිව මෙම ප්‍රහාරය දියත්කර ඇති බව බුද්ධි තොරතුරු අනාවරණය කරමින් මෙට්‍රොපොලිටන් පොලීසිය පවසයි.
කෙසේ වෙතත්, ඔහු මෙය කවර පරමාර්ථයකින් සිදුකළේද යන්න මෙතෙක් පැහැදිලි නොවුණත්, පසුගිය කාල සීමාව තුළ යුරෝපය තුළ ඉස්ලාම් රාජ්‍ය ත්රස්තවාදයට හිතැති හුදකලා වෘකයන් සිදුකළ ප්‍රහාර දෙස බැලීමේදී මෙයද එවැනි ගණයේ ත්‍රස්ත ප්‍රහාරයක් විය හැකි බව ආරක්ෂක විශේෂඥයෝ පවසති.
තම මෝටර් රථය මහමග ගමන්ගත් පිරිස් මතින් ධාවනය කරමින්, පසුව පොලිස් නිලධාරියෙකුට පිහි ඇනුමක්ද සිදුකරමින් සිදුකළ මෙම ම්ලේච්ඡ ප්‍රහාරය හේතුවෙන් සිව් දෙනෙකු මියගොස් තවත් 50ක් තුවාල ලැබීය.
කෙසේ වෙතත්, පසුව පොලීසිය සිදුකළ වෙඩි තැබීමෙන් මෙම ප්‍රහාරකයා ජීවිතක්ෂයට පත්වූ අතර, මෙම සම්පූර්ණ ප්‍රහාරය තත්ත්පර 82ක් වැනි කෙටි කාලයක් තුළ සිදුව ඇති බවද පොලීසිය පවසයි.
මෙම ප්‍රහාරයෙන් පසුව බ්‍රිතාන්‍ය අභ්‍යන්තර කටයුතු ලේකම් ඇම්බර් රූඩ් සහ විදේශ ලේකම් බොරිස් ජොන්සන් පවසා සිටියේ රට තුළ අන්තවාදී වෙබ් අඩවි හා සමාජජාල පාලනය කිරීමේදී ගූගල් හා ෆේස්බුක් මීට වඩා ක්‍රියාශීලී විය යුතු බවයි.