ලන්ඩනයේ වෙස්ට්මිනිස්ටර් හි සිදුවූ අතිශය ම්ලේච්ඡ ජිහාඩ් ප්‍රහාරයෙන් පසුව අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන්ගෙන් දෙදෙනෙකු හැර අන් සියලු දෙනා නිදහස් කර තිබේ.
මහා බ්‍රිතාන්‍යයේ ත්‍රස්ත මර්දන පොලීසිය පවසන්නේ අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන්ගෙන් වැඩි දෙනෙකු බර්මින්හැම් සහ මැන්චෙස්ටර් යන නගරවල රඳවා තබා ගැනුණු බවයි.
කලීඩ් මසූඩ් නමැති හුදකලා ජිහාඩ් අන්තවාදියෙකු විසින් සිතාමතාම තම මෝටර් රථය සාමාන්‍ය ජනතාව මතින් ධාවනය කරමින් හා පොලිස් නිලධාරියෙකු පිහි ප්‍රහාරයකින් ඝාතනය කළ සිදුවීම බ්‍රිතාන්‍ය තුළ දැඩි කම්පනයක් ඇති කර තිබේ.
වෙස්ට්මිනිස්ටර් පාලම මතදී මෙම මෝටර් රථයේ ගැටුණු පදිකයන් තිදෙනෙකුද මෙම ම්ලේච්ඡ ප්‍රහාරය හමුවේ ජීවිතක්ෂයට පත්විය.
කෙසේ වෙතත්, මෙම ප්‍රහාරය හුදකලා ත්‍රස්ත ප්‍රහාරයක්ද නැත්නම්, කලීඩ් මසූඩ් සමග ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානය හෝ වෙනත් ජිහාඩ් ත්‍රස්ත සංවිධානයක් විසින් මෙම ප්‍රහාරය මෙහෙයවූයේද යන්න පිළිබඳව දිගින් දිගටම පරීක්ෂණ පැවැත්වෙන බවද විදෙස් වාර්තා පවසයි.
ලන්ඩනයේ ඉංග්‍රීසි ගුරුවරයෙකු වශයෙන්ද කටයුතු කර ඇති මෙම කලීඩ් මසූඩ් පොලිස් වෙඩි ප්‍රහාරයෙන් මෙල්ල කරගැනීම නිසා සිදුවීමට ගිය මහා විනාශයක් නවතා ගැනීමට හැකිවුණි.